Saturday 11 February 2017

සයිටම් හුටපට අස්සේ එන “අවංක ආදරේ“

මේ දොහේ පත්තර කරදාස කෑලී වගේම ෆෙස්බුක් අස්සෙත් පුදුමාකාර අාදරයක් වැගිරෙන්නේය. ඒ අපේ රටේ “නිදහස් අධ්‍යාපනය“ නම් අමුතු දෙයයි. දැන් හතලිහ පනහ පැනල හිටියට මේ හබන් කුකුළාද “පිරිසිදු නිදහස් අධ්‍යාපනයෙන්“ අකුරු කළ එකෙක් බව කියාම මේ කතාව පටන් ගත්තොත් හොඳා යී හිතේ්‍. නමුත් ඒ අවුරුදු තිහකට විතර ඉස්සරය . ඊට  පහුකාළේ ඔය කියන නිදහස් අධ්‍යාපනයක් අහන්නද දකින්න ලැබුනේ නැති තරම්ය. බබා බඩේ දීම හොර සහකික හදා , ලක්ෂ 5ක්වත් අත යටින දී එකේ පන්තියෙන් ඇතුළු කරගන්නා පොඩි එකා එදා ඉඳන් පන්තියේ ටීචර් ගේ ටියුෂන් නොගියොත් අනාගතයක් නැත . පහේ පන්තියෙදි පොඩි එකා මිරිකා අඹරා තල්ලුකර ගෙන ගොස් ඒලෙවල් වලින් පන්නවන්නට නොකරන දෙයක් නැති තරම්යි. ඒයින් පැනගන්නා එකා නාකිවෙනකං රටේ සල්ලි කකා පෙළපාලි යමින් එක එකාගේ අතකොළු වෙයි. නැත්නං අතේ ඇති හැටියට කෝස් එකක් කර ජොබකට පැනගන්නට ට්‍රයි කරයි. ඇති එකා සල්ලි ගෙවා කළ හැකි විදේශ උපාධී හදාරන අතරේ බැරි එකා මාස හයේ කොම්පියුටරු කෝස් එකක් හරි කර මොකක් හො හොයා ගන්නට දගලයි. 

ඔය අපේ රටේ නිදහස් අධ්‍යාපනය අද මට පෙනෙන හැටියි.නිදහසක් ඇත්තෙම නැති මේ රටාව අස්සෙන් ඇවිත් වෛද්‍ය විද්‍යාලයට පැන ගන්නට පුළුවන් වුනු එකා , අනෙකාට කෙළවුනත් තමන්ගේ වැඩේ කරගනිමින් අවුරුදු හතරක් පහක් ගත කොට ඉන් පැන ගන්නේ “අපි සියල්ලම දත්තො“ ලෙසිනි. ඒ අතර කාළයේ අනෙක් යුනිවර්සිටි වල එවුන් කඳුලුගෑස් කෑවත් , මැරුනත් උන් නොවේ ඒවාට සහයක් දෙන්නෙ. දැන් තමන්ගෙම ෆීල්ඩ් එකේ අනෙක් එවුන්ට ඉගෙන ගන්නට ඇති අවස්ථා නැති කරමින් “මමයි රජා“ රඟපාන්නට පටන ගනී . ලංකාවේ බොහොමයක් “දොස්තරකාරයන්“ ගේ චරියාව මේ වුනත් “දොස්තර මහත්තුරු ද“ ඉන්න බව කියන්නම ඕන. 

දැන් මේ “මමයි රජා“  ආණ්ඩුවේ ඉස්පිරිතාලේදි ලෙඩා බලා නොබලා ගොස් ප්‍රයිවෙට් එකේදි අඩු ගානේ ආදර හිනාවක් වත් දෙයි. ෆාමසි කොම්පැනි වලින් ගෙවල් හදාගන්නට , වාහනේ ලීසිං එක ගෙවාගන්නට නැමෙන අතරේ , ඒ කොම්පැණි බෙහෙත් අසරණ වූ ලෙඩාට අධික මිලකට විකුණමින් කොම්පැණීයට කෙළෙහිගුණ පෙන්වනයි. තමන්ගෙම අනෙක් ඩොකාගේ පීපී එකට කෙළවන්නට ප්ලෑන් කරන මොවුන් ආදරේ මොනර කොළවල සුවඳට පමණි. 

මෙහෙම අය අද සයටම් එපා කියමින් මැරෙන්නට දඟලන්නේ ඇයි දැයි ටිකක් බලමු.

සයිටම් හෝ ...ටම් වුනත් ප්‍රයිවෙච් මෙඩිකල් කොලේජ් බොහෝ රටවල තියෙනවා . ඉන්දියාවේ , රැසියාවේ, ඇමරිකාවේ තව රටවල් ගණනාවක. ඉතින් ඕක දැම්ම කියල “නැතිවෙන්න නිදහස් අධ්‍යාපනයක් “ තියෙනවද අද ?“ නෑ ඇත්තටම මෙතැන වෙන්න ඕන දේ සයිටමේ වහන එක නෙවි , එයට බඳවා ගන්නා ක්‍රෙම් , උගන්වන දේ ගැන ලොව පිළිගන්නා ක්‍රම වේදයක් හදන්න , ඊට පස්සෙ ඔය කොතැනින ආවත් “දොස්තර“ කම දෙන්න ඉස්සර “පොදු විභාගයකට “ ඉඳළ අදාල අවශ්‍යතා සම්පුර්ණ කර ඇති බව තහවුරු කරන්න අවස්ථාවක් දෙන එක (අනෙක ඒ කාටත් අවුරුද්දකට වතාවත් අළුත් කරගන්න දොස්තර බලපත්‍රයක් දෙන එක ) . මොකද අද කොයිතරම් රැසියන් මෙඩිකල් ස්කූල් ගිය දොස්තරලා අපේ ඉන්නවද ? කරන්න ඕන දේ මේක වුනත් ඇයි මේ ක වහන්න කිහල මරෙන්න හදන්නේ . ඇත්ත මේකයි , ලංකාවේ ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් තව හැදුනොත් , ඔය  අපේ දොස්තරල ගේ තැන නැති වෙනවා. ඒ ලොකු කං , අඩුවෙනවා. ටික කළක් ගියාම වෙන රටවල වගේම දොස්තර කියන්නෙත් තවත් එක රස්සාවක් විතර බලට පත්වෙනවා. ඔන්න ඕකට බයයි ඔය දඟළන අය. නැතිව නිදහස් අධ්‍යාපනේ තියන්න ඕන දොස්තර විභාගෙට විතරද ? 

නිකං “බොරු ආදරේ දීල “ රවටන්න සහ රැවටෙන්න අපේ මිනිස්සු හපන්නු , ඒකනේ සිංගප්පූරුවක් වෙන්න තිබුණූ අපේ රට තාමත් අනුන්ගෙන් ණයට හිඟාකන , ගෑනූ අරාබියට විකුණට ඒ සල්ලි වලින් “ජොලි කරන“ ලෝකෙන් උතුම් රට වෙලා තියෙන්නෙ. චෙල්වනායගම් ගිවිසුම් ‍, සිරිමගේ කාළේ ඉස්කෝල වල ඉංග්‍රිසියෙන් උගන්නපු එක නැති කරල සිංහල කරල අද සිංහලත් ඉංගිරිසිත් දෙකම නොදන්න ජාතියක් බිහිකරපු ආදර කතා වගේ මේ දවස් වල සයටම් වහලා “නිදහස් අධ්‍යාපනය“ රැක ගන්න මෙ ආදර කතාවත් තව ටික කළකද කණවැන්දුම් ගෑනීයෙක් ඇති කරන බව නම් ඉස්තිරයි.

හබන් කුකුලා , යාළු ඌරා එක්ක කැකුණ තලන්න යන්ට තියේ ‍, කියෙන එකෙක් ඕන එකක් කියපිය , ඒත් පපුවට තට්ටු කරල අහපල්ල ! 

  
යන්ට ඉස්සෙල්ල මේං මේවත් බලාන ගියානං 
ඔය මුල් වීඩියේ කෑල්ලේ ඉන්නේ ලෝකෙන් උතුම් රටේ ඉන්න , දුප්පත් මිනිහි ඉඳළ ගෙවන කාසි වලින් ලක්ෂ 50-60ක පාඨමාලාවක් නොමිලේ ඉගෙන ගන්නවා කියන කසාද බදිනකම් අම්මගෙන් අප්පගෙන් කාල බීල පෙරලි කරන සිස්සසයෝ ‍,
දෙවෙනි කෑල්ලේ ඉන්නෙ “ලෝකේ ඉහල රටක“අතින් ලක්ෂ 50-60 ක් ගෙවල ඒ වැඩේම කරන , ඒ අස්සේ රස්සාවල් කරල වියදමට සල්ලිත් හොයාගන්න , ඒ අතරේ මෙහෙම ෆන් එකකුත් ගන්න කොල්ලො කෙල්ලො
බලපල්ලා තේරුම් ගනිල්ලා , අපි හැමදාමත් වලටම යන , දියුණූවක් නොදකින එක හේතුවක් !ර්‍

 


 ලෝකෙන් උතුම් රටේ ඉන්න , දුප්පත් මිනිහි ඉඳළ ගෙවන කාසි වලින් ලක්ෂ 50-60ක පාඨමාලාවක් නොමිලේ ඉගෙන ගන්නවා කියන කසාද බදිනකම් අම්මගෙන් අප්පගෙන් කාල බීල පෙරලි කරන සිස්සසයෝ ‍,



 
ලෝකේ ඉහල රටක“අතින් ලක්ෂ 50-60 ක් ගෙවල ඒ වැඩේම කරන , ඒ අස්සේ රස්සාවල් කරල වියදමට සල්ලිත් හොයාගන්න , ඒ අතරේ මෙහෙම ෆන් එකකුත් ගන්න කොල්ලො කෙල්ලො